”රටේ ඇත්තේ වියදම් කරන්න බැරි රට පතුලටම වට්ටපු සාමාන්‍යකරණයක්”

ජනාධිපතිවරයා හැමදේම සාමාන්‍යයයි කිව්වත් රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මේ තුළ ජනතාවගේ රැකියා අහිමි වීම ජිවනෝපාය අහිමි වීම දුප්පත්කම ඇති වීම නිසා ජනතාව දුකෙන් පෙළෙන බවත් ජනතාවගේ පාරිභෝජනය, ආයෝජන, ඉතිරි කිරීම් හා නිෂ්පාදන අයිතියක් නොමැති බවත් රටේ අපනයන පවා බිඳ වැටී ඇති නිසා රටේ නව සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

ජනතාවගේ ආර්ථිකය කුඩා කර ජනතාවගේ ජන ජීවිත කුඩා කර ජනතාවගේ මුදල් පසුම්බියට පිට්පොකට් ගැසීම නිසා වියදම් කළ නොහැකි ආදායම් ලැබිය නොහැකි සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත්, ඒ අතින් රට විනාශ කර රට පතුලට වැට්ට වූ සාමාන්‍යකරණයක් රටේ ඇති බවත් ඔහු සඳහන් කරනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (16) මහනුවර දී මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා හමු වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනතාවගේ කරපිට උපරිම බර පටවා සාමාන්‍යකරණයක් නිර්මාණය කර ඇති බවත් මේ ගැන විවිධ අමනෝඥ කතා කියපු පුද්ගලයෝ රටේ ජනතාව රවටන අදහස් ඉදිරිපත් කරන විට ඒවාට තමා ප්‍රතිචාර නොදක්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පෙන්වා වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *