රටේ ජනතාව 2019 දීත් රැවටුනා. 2024 දීත් රැවටුණා. මේ යන විදිහට ගියොත් 2028 දීත් ණය ගෙවන්න බැරිවෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සමගි ජන බලවේගය ජනතාවගේ දුක කදුල වේදනාව ප්‍රශ්න ගැටලු අවබෝධ කර ගන්නා ශක්ති සම්පන්න බලවේගයක් විය යුතු බවත් ලක්ෂ 220ක් අප රටේ ජනතාව මෑත කාලයේ ජනාධිපතිවරණ දෙකකදී රැවටුණු බවත් 2019 ජනාධිපතිවරණයෙන් පසු රට බංකොලොත් වූ බවත් 2024 ජනාධිපතිවරණයේ දී බොරුව මුසාව මුලාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදය අමතමිනි. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනී කවිරත්න මහත්මිය ඇතුළු දේශපාලන නායකයන් රැසක් ද එක්විය.2028 රට මුහුණ දීමට නියමිත අභියෝගය ගැන හොඳ අවබෝධයක් 2028 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට සිදුවන බවත් එය සිදු කිරිම නම් රටේ ආර්ථික වර්ධන වේගය වේගවත් විය යුතු බවත් කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සංචාරක, සේවා ආදී සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් සිදුවිය යුතු බවත් එසේ කළහොත් පමණක් 2028 සිට ණය ගෙවීමට හැකි වුවත් මේ යන වේගයට ගියොත් මේ යන ආකාරයට ආර්ථිකය වර්ධනය නොවුවහොත් ලැබිය යුතු සෘජු විදේශ ආයෝජනවලින් ලැබෙන්නේ තුනෙන් එකක් නම් ණය ගෙවිය නොහැකිව නැවත වරක් බංකොලොත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පසුගිය රජයේ අයි. එම්. එෆ්. ගිවිසුම ගැන උපදෙස් දුන් ආර්ථික උපදේශකවරු කියන ආකාරයට මේ යන ක්‍රමයට නම් ණය ගෙවන්න බැරි බව කියන බවත් ඒ අයම තමයි 2033 සිට ණය ගෙවිය යුතුව තිබියදී 2028 ණය ගෙවිය යුතු වසර ලෙස තීන්දු කළ බවත් පසුගිය රජය ගිය ගමනම වත්මන් රජයත් යන බවත් මේ රජයට ජනාධිපති පුටුව 159ක බහුතරයක් තියාගෙන පළාත් පාලන ආයතනවල බහුතරයක් තියා ගෙන තවමත් පසුගිය රජයේ ගිවිසුමම අනුගමනය කරමින් යන බවත් පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තියම අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.2028 දී ණය ගෙවන්න බැරි වුවහොත් බංකොලොත් යන නාමය රටට ලැබෙන බවත් අයි. එම්. එෆ්. එක 2033 සිට ණය ගෙවන්න ප්‍රමාණවත් යැයි කියද්දීත් 2028 ණය ගෙවන්න පොරොන්දු වී ඇති බවත් ඒ සඳහා මේ වසර තුනේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බවත් විදේශ සංචිත පවත්වා ගෙන යා යුතු වුවත් සිදු වන්නේ රැවටිල්ල බොරුව පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 791

Leave A Reply

Your email address will not be published. Required fields are marked *