රටේ හිඟයට විසඳුම්: විදෙස් වෛද්‍යවරුන්ට ආපසු එන්න ඇමතුමක්!

​රටේ සෞඛ්‍ය සේවාවේ පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නැවත මව්බිමට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලා සිටී.​අමාත්‍ය ජයතිස්ස මහතා තම මෑතකාලීන එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ හමුවකට සහභාගී විය. එහිදී, ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අත්දැකීම් බහුල වෛද්‍යවරුන්ගේ ඇති දැඩි අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය. ​“විවිධ හේතූන් මත රට හැර ගිය අපේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මම විශේෂ ඉල්ලීමක් කළා. අපගේ සෞඛ්‍ය සේවාව තුළ දැනට විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා. ඔවුන් නැවත ශ්‍රී ලංකාවේ සේවයට පැමිණියහොත්, ඔවුන්ගේ සියලුම පෙර සේවා ප්‍රතිලාභ සහිතව පෙර තනතුරු වලටම නැවත පත් කරන බවට මම ඔවුන්ට සහතික වුණා,” අමාත්‍යවරයා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 817

Leave A Reply

Your email address will not be published. Required fields are marked *