රට ගොඩනගන්න විනාශ නොකර ඉදිකරන්න

රට ගොඩනැගිය හැක්කේ විනාශ කිරීමෙන් නොව ඉදිකිරීමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයකට එක්වෙමින්.

සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 268 වැනි අදියර ඇඹිලිපිටිය කොළොන්න මොරකැටිය මහා විද්‍යාලයේදී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

එහිදී රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීම සිදුකෙරුණා.

මේ අතර පාසැල් නර්තන කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම සඳහා පාසැල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *