වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට හැකියාවක් නොමැති බවට ප්‍රකාශ කල කාදිනල්තුමාට එරෙහිව ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයේ ලේකඛාධිකාරී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අදහස් දක්වා තිබුණි.
එහිදී උන්වහන්සේ අවධාරණය කලේ කාදිනල්තුමා විසින් සිදුකල යුත්තේ රට දියුණු කිරීමට හා ජාතික ආගමික සංහිදියාවට බාධාවන සේ මෙම ව්‍යසවස්ථාවෙන් සඳහන් කරුණු මොනවාදැය් සමාජයට පෙන්වීම බවත්
එසේ නොමැතිව බෞද්ධ රාජ්‍ය ලිහා දමන්නට බුදුදහමට ඇති ප්‍රමුඛතාවය ඉවත් කිරීමට සැරසෙන ඒකීය රට බෙදන ව්‍යවස්ථා ගෙන ඒම නොවන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ජෙරම් සමග ඇති ගැටුමේදී මහනායක හිමිවරුන් පවා නොමඟ යවමින් කටයුතු කල කාදිනල්තුමාට අවශ්‍ය බෞද්ධ බලය බිදහෙලමින් කතෝලික දේවරාජ්‍යක් බිහිකිරීම පිණිස ජවතාව බෙදා වෙන්කිරීම බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ව්‍යවස්ථාවට කෙටුම්පතක්වත යෝජනා නොවුණු මෙවන් අවස්ථාවක ජනතාව දෙකට බෙදමින් කාදිනල්තුමා සිදුකරන්නේ භයානක වරදක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.