රත්තනපිටියේදී බස් රථයක් සහ ලොරියක් ගැටෙයි: 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්!

කොළඹ – පිළියන්දල ප්‍රධාන මාර්ගයේ රත්තනපිටිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි, පාසල් බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටී ඇති අතර, අනතුරෙන් පසු වාහනයක් අසල තිබූ විදුලි කණුවක ද ගැටී ඇත. මේ හේතුවෙන් 120 බස් මාර්ගයේ පිළියන්දල සිට කොළඹ දෙසට දිවෙන මංතීරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇති බව වාර්තා වේ.​දැනට පවතින මෙම දැඩි රථවාහන තදබදය මඟහැරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. අනතුරින් සිදුවූ හානිය පිළිබඳව මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන අතර, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට නිලධාරීන් කටයුතු කරමින් සිටී. කොළඹ දෙසට ගමන් ගන්නා මගීන්ට සහ රියදුරන්ට මෙම තත්ත්වය හේතුවෙන් සැලකිය යුතු කාලයක් ප්‍රමද වීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,033

Leave A Reply

Your email address will not be published. Required fields are marked *