රත්නපුර, ඇලපාත පොලිස් වසමේ කනදොළ – ඉලුක්තැන්න මාර්ගයේ රබර් වත්තක් අසලදී මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි 11 හැවිරිදි පාසල් දැරියක් ලොරි රථයක ගැටීමෙන් පසුගිය බ්‍රහස්පතින්දා මියගොස් තිබේ. පොලිස් වාර්තාවලට අනුව මෙම අනතුර සිදුව ඇත්තේ මධ්‍යහ්න කාලයේදීය. අළුකැටිය ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය අනතුරින් බරපතළ තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


























