රතු නිවේදන නිකුත් කර සිටි කඩවත ද්විත්ව ඝාතන සැකකරු කටුනායකදී කොටු වෙයි!

කඩවත ප්‍රදේශයේදී සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු විදේශගතව සිට යළි දිවයිනට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටාර් රාජ්‍යයේ සිට ඊයේ (27) දින මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී. සැකකරු සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය තහවුරු කරයි.​මෙම අපරාධය වාර්තා වූයේ 2022 මාර්තු 24 වන දින වන අතර, එහිදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට T56 ගිනිඅවියකින් වෙඩිතබා ඝාතනය කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරු, පසුව ඇප මත මුදාහැර තිබියදී අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් හොර රහසේ මෙරටින් පලාගොස් තිබූ බව අනාවරණය වී ඇත.​අධිකරණය මගහැර සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ‘රතු නිවේදන’ පවා නිකුත් කර තිබූ අතර, ඔහු යළි පැමිණෙන තෙක් ආරක්ෂක අංශ සෝදිසියෙන් පසුවිය. කඩවත පොලිසිය විසින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,030

Leave A Reply

Your email address will not be published. Required fields are marked *