රන් පවුමක මිල අහස උසට…

රන් පවුමක මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බව ස්වර්ණාභරණ නිපැයුම්කරුවන් සහ ව්‍යාපාරිකයන් කියා සිටිනවා.

එම ව්‍යාපාරිකයන් කියා සිටින්නේ කැරට් 24 රන් පවුමක් රු.දෙලක්ෂ හැට අට දහසකටත් (268000), කැරට් 22 රන් පවුමක් රු.දෙලක්ෂ හතලිස් අටදාහක් (248000) දක්වා ඉහළ යෑම නිසා තම ගණුදෙණුකරුවන් රන් ආභරණ මිළදී නොගන්නා බවයි.

තම වෙළදසැල් වල සේවය කරන ස්වර්ණාභරණ නිපැයුම්කරුවන්ගේද ආදායම් තත්වය පහළ වැටී ඇති බවත්, ඇතැම් දේශීය ආයෝජකයන් රන් බිස්කට් සදහා මුදල් ආයෝජනය කිරිමත්, යුරෝපීය රටවල පවතින යුධමය තත්වයත් හමුවේ රන් පවුමක මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි එම ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

තවද, ලබන මස සිට විවාහ වීමට නැකැත් තිබුණද එම විවාහ මංගල්‍ය උත්සව සදහා රන් ආභරණ මිලදී ගැනීම විශාල ලෙස අඩු වී ඇති බවයි ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් වැඩිදුරටත් කියා සිටියේ. 

What's your reaction?

Related Posts

1 of 718

Leave A Reply

Your email address will not be published. Required fields are marked *