රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට: බෙලෙන්තර-ඇල්පිටිය සංවිධායක ධුරය හිමිවෙයි!

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සමඟ එක්වී ඇති අතර, ඔහු බෙන්තර-ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ සංවිධායකවරයා ලෙස පත් කර තිබේ. ඒ මහතා අද (ජනවාරි 22) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. මීට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙස ද රමේෂ් පතිරණ මහතා පත් කර ඇත.​පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ රමේෂ් පතිරණ මහතා සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වූහ. දේශපාලන ක්‍රියාකාරකම්වලින් මඳක් බැහැරව සිටි ඒ මහතා, මෙම නව පත්වීම් සමඟින් යළිත් සිය දේශපාලන ගමන්මග පක්ෂය සමඟ ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 979

Leave A Reply

Your email address will not be published. Required fields are marked *