රවී කට අරි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු එම පක්ෂය චේතනාන්විතව දුර්වල කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු පැවසුවේ, මෙම දෙදෙනා රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබාගෙන කටයුතු කරන බවයි.

කතා කළ හැකි එකම පුද්ගලයා තමන් වුවත්, දැන් තමන්ව රැස්වීම්වලට පවා කැඳවීමකින් තොරව, පක්ෂයේ ඇතැමුන් කටයුතු කරමින් සිටින බවත් රවී කරුණානායක මහතා සඳහන් කළා.

“මෙතන ඕනෑකමින් පක්ෂය දියාරු කිරීමට දෙදෙනෙක් විසින් උත්සාහයක් දරනවා. නවීන්, රුවන්, හරීන්, මනූෂ, අකිල වැනි අය පක්ෂය ඉදිරියට ගෙන යන ආකාරයෙන් කටයුතු කරනවා. නමුත් තවත් දෙදෙනෙක් රනිල් වික්‍රමසිංහව ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරලා කටයුතු කරමින් ඉන්නවා,” යනුවෙන් ඔහු පැවසුවා.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *