රාජස්ථානය පරාජය කළ වනිඳු හසරංග

2025 IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා පැවැති තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය වී තිබෙනවා.

රාජස්ථාන් කණ්ඩායමට වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කළ අතර වනිඳු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු තරගය ද මෙය වනවා.

මෙහිදී වනිඳු ලකුණු 4ක් සහ පන්දු යැවීමේදී ලකුණු 34ට කඩුල්ලක් දවා ගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 9කට ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වුනා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 17.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 153ක් ලබාගෙන තරගය ජය ගත්තා. ක්යින්ටන් ඩී කෝක් නොදැවී ලකුණු 97යි.

What's your reaction?

Related Posts

1 of 636

Leave A Reply

Your email address will not be published. Required fields are marked *