රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ප්‍රධාන මුල්‍ය අක්‍රමිකතා රැසක් විගණන වාර්තාවක් මගින් හෙළිදරව් කර ඇත. අධික මිලට ඖෂධ මිලදී ගැනීමෙන් සිදුවූ අලාභ සහ සැපයුම්කරුවන්ගෙන් මුදල් අය කර ගැනීමට අපොහොසත් වීම මේ අතර ප්‍රධාන වේ.වාර්තාවට අනුව, SPC ඔසුසල් සඳහා ඖෂධ වර්ග 13ක් මිලදී ගැනීමේදී, මධ්‍යම මිලදී ගැනීමේ ඒකකය (CPU) විසින් ප්‍රධාන SPC අංශය ගෙවූ මිලට වඩා 12% සිට 425% දක්වා වැඩි මිලක් ගෙවා ඇති බව අනාවරණය විය. මේ නිසා රුපියල් මිලියන 10.2ක අමතර වියදමක් සිදුව ඇත.ඊට ප්‍රතිචාර දක්වමින් SPC සඳහන් කළේ, ඖෂධ ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය වෙළඳපොළෙන් CPU අංශය හරහා ලබා ගන්නා නමුත්, ඔසුසල් ජාලය තුළ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා සමහර අවස්ථාවලදී සීමිත ඖෂධ ප්‍රමාණයක් මෙම අංශයෙන් ලබා ගැනීමට සිදුවන බවයි. “එසේ කිරීමට අපොහොසත් වුවහොත් සංස්ථාවේ විකුණුම් බිඳ වැටීමට සහ ඔසුසල් ජාලයෙන් පාරිභෝගිකයන් අහිමි වීමට හේතු විය හැකි” බවට ද SPC වැඩිදුරටත් සඳහන් කර ඇත.මේ අතර, විගණනයෙන් අනාවරණය වී ඇත්තේ, හානියට පත් හෝ අඩු ගුණාත්මක ඖෂධ සැපයූ සැපයුම්කරුවන්ගෙන් මුදල් අය කර ගැනීම සඳහා 2024 දෙසැම්බර් 31 වන විට SPC විසින් රුපියල් මිලියන 5,573.64ක හර සටහන් (debit notes) නිකුත් කර ඇති බවයි. එහෙත් 2025 මාර්තු 31 වන විට රුපියල් මිලියන 2,996.65ක මුදලක් තවමත් අය කරගෙන නොතිබුණි.මෙම මුදලින්, රුපියල් මිලියන 1,651.98ක් කළු ලැයිස්තුගත කළ සැපයුම්කරුවන්ගෙන් ලැබීමට නියමිත අතර, තවත් රුපියල් මිලියන 279.45ක් අවසන් දැනුම්දීම් ලබා දී ඇති සැපයුම්කරුවන්ගෙන් හිඟව පවතී.ඊට ප්‍රතිචාර දක්වමින් සංස්ථාව කියා සිටියේ, දැනටමත් රුපියල් මිලියන 100ක් ලැබී ඇති බවයි. ඊට අමතරව, වෛද්‍ය සැපයුම් අංශයට (MSD) භාණ්ඩ ආනයනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් අරමුදල් අය කර ගැනීම සඳහා ද හර සටහන් නිකුත් කර ඇත. මෙම හර සටහන් මගින් ලැබිය යුතු මුළු රුපියල් මිලියන 38.21ක මුදලට අදාළ පියවීමේ ලේඛන වෛද්‍ය සැපයුම් අංශය විසින් ලබා දිය යුතු බවද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.කෙසේ වෙතත්, SPC තුළ පවතින දුර්වල මුල්‍ය පාලනය හේතුවෙන් මෙම මුදල් අය කර ගැනීම අනිනිශ්චිත බවට විගණන වාර්තාව අනතුරු අඟවයි.
 
 






















