රාජ්‍ය මුදල් කාරක සභාව (COPF) විසින් 2026 අයවැයට අනුමැතිය ලබා දී ඇත.කෙසේ වෙතත්, ඇතැම් වියදම් ශීර්ෂ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් තවමත් ලබා දීමට ඇතත්, අයවැයේ කාරක සභා අවධියේදී එම ගැටලු විසඳන බවට රජය විසින් සහතික වී ඇති නිසා මෙම අනුමැතිය ලබා දුන් බව කාරක සභාව පවසා ඇත.”වියදම් ශීර්ෂවලට අදාළ ගැටලුව අයවැයේ කාරක සභා අවධියේදී නිරාකරණය කරන බවට රජය සහතික වී ඇති බැවින් අපි අයවැයට අනුමැතිය ලබා දුන්නා,” කාරක සභාව පැවසීය.























