රාජ්‍ය සේවයේ පුරප්පාඩු 8,547ක් පිරවීමට කැබිනට් අනුමැතිය!

අදාළ අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතනවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා පුද්ගලයින් 8,547 දෙනෙකු බඳවා ගැනීමට අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.​රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කර, අවශ්‍යතා, ප්‍රමුඛතා සහ කාල රාමු හඳුනා ගැනීමෙන් පසු අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු බඳවා ගැනීම් සංඛ්‍යාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට 2024.12.30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.​අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා එම කමිටුව වෙත යොමු කරන ලද ඉල්ලීම් සලකා බලා, 2025.10.02 දින පැවති කමිටු රැස්වීමේදී කරන ලද නිර්දේශ අනුව, එම පුරප්පාඩු පිරවීම සඳහා අදාළ දෙපාර්තමේන්තු සහ ආයතනවලට අනුමැතිය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 815

Leave A Reply

Your email address will not be published. Required fields are marked *