රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය මගින් 2025 වසර සඳහා පැවැත්වීමට නියමිත ලීග් තරඟාවලියේ ක්‍රීඩකයින්ට ක්‍රීඩා උපකරණ ලබාදීමේ උත්සවයක් අද දින (28) නාරහේන්පිට කම්කරු මහලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2025 ලීග් තරඟාවලිය සඳහා සහභාගි වන ත්‍රීඩකයින් හට ක්‍රීඩා උපකරණ ලබාදීමට සමගාමීව 2022/23 වර්ෂයේ පැවැත් වූ තරඟාවලින් ජයග්‍රහණය කළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩා කණ්ඩායම් සඳහා ශූරතා, අනුශූරතා, දක්ෂතම ක්‍රීඩකයින් සඳහා වූ ශූරතා පලිහ සහ සහතික ලබාදීමත් සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර, මහලේකම් M. K. C. නාලක ඇතුළු නිලධාරීන්, ක්‍රිකට් විනිසුරුවන්, රාජ්‍ය සේවා ක්‍රිකට් සංගම් නියෝජනය කරන ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.
2025 වසර සඳහා වූ රාජ්‍ය සේවා ක්‍රිකට් ලීග් තරගාවලිය එළඹෙන පෙබරවාරි 10 වෙනිදා සිට දිවයින පුරා ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගවල පැවැත්වීමටනියමිතයි.