රාත්‍රී සේවයට කාන්තාවන්ට අවසර: සත්කාරක සහ ආහාර සේවා අංශයේ නව නීති රීති

සත්කාරක සහ ආහාර පාන සේවා ක්ෂේත්‍රයේ වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට අවසර දෙමින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කෙරෙන දැඩි කොන්දේසි සහිත විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනවාරි 30 වන දින නිකුත් කරන ලද මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් වෙළඳ සේවක (සේවය සහ වේතන විධිමත් කිරීමේ) පනත යටතේ පවතින රෙගුලාසි සංශෝධනය කර ඇති අතර, ඒ අනුව හෝටල්, ආහාර පාන සහ ඒ හා සම්බන්ධ ආයතනවල කාන්තාවන්ට සවස 6.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා සේවය කිරීමට මෙතැන් සිට අවස්ථාව හිමිවේ.​කෙසේ වෙතත්, මෙම නව රෙගුලාසි යටතේ රාත්‍රී සේවයේ යෙදෙන කාන්තාවන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳ සම්පූර්ණ වගකීම සේවා යෝජකයන් වෙත පවරා ඇත. ඒ අනුව, රාත්‍රී වැඩ මුරය අවසානයේ සිට පෙරවරු 6.00 දක්වා සුදුසු නවාතැන් පහසුකම් සැලසීම හෝ සේවිකාවගේ පදිංචි ස්ථානය දක්වා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයීම සේවා යෝජකයා විසින් අනිවාර්යයෙන් සිදු කළ යුතුය. කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද මෙම නව විධිවිධාන හරහා, කාන්තා සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන අතරම, නූතන කර්මාන්ත අවශ්‍යතාවලට ගැළපෙන සේ මෙරට කම්කරු නීති යාවත්කාලීන කිරීම අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 998

Leave A Reply

Your email address will not be published. Required fields are marked *