රැකියා ලබාදෙන බවට වූ ව්‍යාජ වට්ස්ඇප් පණිවිඩයක් ගැන, මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්…

මැතිවරණ කොමිෂන් සභාවේ රැකියා ලබාදෙන බව සඳහන් ව්‍යාජ පණිවුඩ, වට්ස්ඇප් හරහා සංසරණය වන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්. ඒ. එම්. එල්. රත්නායක මහතා සඳහන් කළේ, එවැනි රැකියා සඳහා බඳවා ගැනීමේ නිවේදනයක් කොමිසම මගින් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

අදාළ ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි ව්‍යාජ පණිවුඩ යොමු කිරීමෙන් වළකින ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *