රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය පිළිගැනීමේ ගිවිසුමට රෝමයේදී නිල වශයෙන් අත්සන් තැබේ

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමේ සහ පරිවර්තනය කිරීමේ ද්විපාර්ශ්වික ගිවිසුමට අද පස්වරුවේ රෝමයේදී එළඹුණි. මෙම ඓතිහාසික එකඟතාවයත් සමඟ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර හිමියන්ට ඉතාලිය තුළදී සිය බලපත්‍ර පරිවර්තනය කරගැනීමට පැවති බාධාවන් ඉවත්වන අතර, මෙය දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාවයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ.​ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ උප රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපොඩි මහත්මිය සහ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යජිත් අර්ජුන රොඩ්‍රිගෝ මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහ වෘත්තිකයින්ට වඩාත් පහසුවෙන් එරට රියදුරු බලපත්‍ර ලබාගැනීමටත්, එමගින් ඔවුන්ගේ රැකියා අවස්ථාවන් තවදුරටත් පුළුල් කරගැනීමටත් අවස්ථාව උදාවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 887

Leave A Reply

Your email address will not be published. Required fields are marked *