පසුගිය 2025 වසරේ පැවති දැඩි ප්‍රමාදයන් මඟහරවා ගනිමින්, මේ වසරේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කරයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ, පසුගිය වසරේ බලපත්‍ර අයදුම්පත් 490,000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී තිබීම හේතුවෙන් කාඩ්පත් නිකුත් කිරීමේදී විශාල දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බවයි. එම කාලසීමාව තුළ විදේශගත වන පිරිස් සහ රාජකාරිමය අවශ්‍යතා සහිත අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් එක්දින සේවාව යටතේ බලපත්‍ර ලබා දීමට පියවර ගෙන තිබුණි.දැනට රියදුරු බලපත්‍ර කාඩ්පත් 255,000ක් පමණ මුද්‍රණය කර බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ 2026 වසරේ මෙම ක්‍රියාවලිය ඉතා විධිමත්ව සිදුවන බැවින්, කිසිදු ප්‍රමාදයකින් තොරව බලපත්‍ර ලබා ගැනීමට අයදුම්කරුවන්ට දැන් අවස්ථාව පවතින බවයි.


























