රුපියල් කෝටි 4.6ක රන් සමඟ ගුවන් සේවකයෙකු රේගු දැලට කොටු වෙයි

කටුනායක ගුවන් තොටුපළ හරහා රුපියල් මිලියන 46කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට උත්සාහ කළ පෞද්ගලික ගුවන් සමාගමක සේවකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පුද්ගලයා මෙම රන් භාණ්ඩ ගමන් මල්ලක සඟවාගෙන, ගුවන් සේවකයින් සඳහා වෙන් කර ඇති විශේෂ පිටවීමේ දොරටුවෙන් පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ.​එහිදී ඔහුගේ ගමන් මල්ලේ තිබී කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 163ක් බරැති රන් ආභරණ සහ රන් බිස්කට් සොයාගත් බව ගුවන් තොටුපළ රේගු නිලධාරීන් තහවුරු කළහ. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු බලධාරීන් විසින් මේ වන විටත් සිදු කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 928

Leave A Reply

Your email address will not be published. Required fields are marked *