බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කළ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. අද (01) උදෑසන මෙම යාත්‍රාව දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ සෝදිසි කිරීම්වලදී, උර 298ක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා තහවුරු කළේය. අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 6,000ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් හයදෙනෙකු යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ නවීන උපකරණ ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. අදාළ සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා නීතිය හමුවට පැමිණවීමට නියමිතය. සාගර කලාපය හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කරන අඛණ්ඩ අවේක්ෂණ මෙහෙයුම්වල තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකිය.




















