කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ “හරිත මාවත” (Green Channel) හරහා රුපියල් මිලියන 700ක් පමණ වටිනා ‘කුෂ්’ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද (07) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මීගමුව, කුඩාපාඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ නවදිල්ලිය හරහා එයාර් ඉන්දියා (AI 277) යානයෙන් අද පෙරවරු 7:33ට දිවයිනට පැමිණ ඇත.සැකකරු විසින් සිය ගමන් මලු දෙකක සඟවා තිබූ කාබන් කඩදාසිවලින් එතූ මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් සොයාගත් අතර, එහි මුළු බර කිලෝග්‍රෑම් 7.70කි. සුවඳ පිටතට නොයන ලෙස සහ හඳුනා ගැනීමට අපහසු වන ලෙස මෙම පාර්සල් කෙටි ආහාර (Snacks) පැකට් සමඟ මිශ්‍ර කර තිබූ බව අනාවරණය වී ඇත. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ තායිලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ඒම සඳහා ඔහුට භාර දී ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.


























