රුපියල් මිලියන 75 ක හෙරොයින් තොගයක් , මිලියන 662 ක වල්ලපට්ටා සහ රුපියල් 10,811,500 ක මුදල් සමඟ සැකකරුවෝ අත්අඩංගුවට!

​යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත පදනම්ව සිදු කළ කඩිනම් මෙහෙයුම් දෙකකින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු සහ වල්ලපට්ටා (Gyrinops walla) තොගයක් සමඟ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදාව පවසයි. 2025 නොවැම්බර් 8 වන දින යුද හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව, කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මිටියගොඩ, ගොඩගම ප්‍රදේශයේ ඒකාබද්ධ වැටලීමක් සිදු කළේය. මෙම මෙහෙයුමේදී රුපියල් මිලියන 75 ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 420 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 10,811,500 ක මුදලක් ද බලධාරීන් විසින් මෙහිදී අත්අඩංගුවට ගන්නා ලදී. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු ගාල්ල දිස්ත්‍රික් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් සිදු කරනු ලබයි. මේ අතර, යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත මාතර, කොටපොල ප්‍රදේශයේ ද තවත් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී. දෙනියාය වනජීවී නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී රුපියල් මිලියන 662 කට අධික වටිනාකමක් ඇති වල්ලපට්ටා කිලෝග්‍රෑම් 110 යි ග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන සිටි දෙණියායේ පදිංචිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

What's your reaction?

Related Posts

1 of 831

Leave A Reply

Your email address will not be published. Required fields are marked *