රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක් , සිය සිරුරු වල ගුද මාර්ගයේ සගවා ගෙන , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 01/31 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ වෘත්තීන්හි නියැලී සිටින 45 හැවිරිදි සහ 46 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි .
මොවුන් දෙදෙනා 01/31 දින උදෑසන 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් කැරට් 300 ක් බරැති පුෂ්පරාග සහ නිල්කුරුවින්ද වර්ග වල මැණික් ගල් 54 ක් , සිය සිරුරු වල ගුද මාර්ගයේ සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ තිළිණි පීරිස් මහත්මියගේ උපදෙස් මත ගුවන් තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රොහාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරමින් සිටිති .