පසුගිය සඳුදා දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (පෙබරවාරි 10) ඇමරිකානු ඩොලරයට එරෙහිව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තාවලට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.72 සිට රුපියල් 305.76 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි විකුණුම් මිල ද රුපියල් 313.26 සිට රුපියල් 313.29 දක්වා ඉහළ ගොස් ඇත.මීට අමතරව, ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියලේ අගය අද දිනයේදී පහත වැටී ඇති බව මහ බැංකු දත්ත වාර්තා කරයි.


























