රුමේනියා රැකියා සිහිනය පෙන්වා කෝටි එකහමාරක් වංචා කළ කාන්තාව දැලේ

​ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව, රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට (මිලියන 16) ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් මාස කිහිපයකට පසු අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සමත් වී තිබේ. කලක් රුමේනියාවේ සේවය කර ඇති මෙම සැකකාරිය, එහි පවතින සබඳතා උපයෝගී කරගනිමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදුන් බවට පැමිණිලි 15ක් කාර්යාංශය වෙත ලැබී තිබුණි.​විමර්ශන ආරම්භ කිරීමත් සමඟ ඇය පිළියන්දල, වැල්ලම්පිටිය, කොලොන්නාව සහ කහතුඩුව යන ප්‍රදේශවල නිරන්තරයෙන් පදිංචිය මාරු කරමින් බලධාරීන් මගහරිමින් සිට ඇත. මෙම ජාවාරමට සහාය දුන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණද, ප්‍රධාන සැකකාරිය කොටු කර ගැනීමට හැකි වී ඇත්තේ සූක්ෂ්ම මෙහෙයුමකිනි.​උපාය දූතයෙකු යොදවා ඇය හා සම්බන්ධ වූ විමර්ශන නිලධාරීන්, කොලොන්නාව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසකදී රැකියා ගිවිසුම් අත්සන් කිරීමට ඇයව කැඳවා තිබේ. එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගත් අතර, පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයන් සොයා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,025

Leave A Reply

Your email address will not be published. Required fields are marked *