රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා දිවයිනට

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරු 10:52 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය. මෙම දූත පිරිස පිළිගැනීම සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ මෙරට රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.​මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් රජය මට්ටමින් නිල සාකච්ඡා පැවැත්වීමයි. මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, අන්තර් රාජ්‍ය ගිවිසුම් හරහා සහනදායී ලෙස ඉන්ධන ලබාගැනීමේ හැකියාව පිළිබඳව රජය මේ වන විට දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී ඒ සම්බන්ධයෙන් තීරණාත්මක එකඟතාවන් රැසකට එළඹීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,066

Leave A Reply

Your email address will not be published. Required fields are marked *