රුසියානු මිනිස් ජාවාරමට තවත් අයෙක් අල්ලයි

රුසියානු යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් රණරාජා රණවක ඇතුලූ සැකකරුවන් 5 දෙනා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.

තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙලෙස රිමාන්ඩ් කර සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා කුරුණෑගල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 8 වනදායි.

මේ අතර මෙලෙස මුදල් ලබා දී රුසියාවට ඇතුළු වීමට නොහැකිව යළි මෙරටට පැමිණි විශ්‍රාමික හමුදා සෙබළුන් මුදල් ලබා ගත් විශ්‍රාමික යුද හමුදා සෙබලෙකුගේ මොණරාගල – දඹගල්ල ප්‍රදේශයේ නිවසට අද (16) උදෑසන ගොස් තිබුණේ ඔහු යළි දිවයිනට පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුවයි.

කෙසේ වෙතත් පසුව දඹගල්ල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මොණරාගල පොලිසියට භාර දී තිබුණා.

මේ වන විට ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *