රුසියාවේ ඉන්ටර්නෙට් තහනම: යූටියුබ් සහ ටෙලිග්‍රෑම් වෙත දැඩි බලපෑම්

රුසියාවේ අන්තර්ජාල නියාමන ආයතනය වන Roskomnadzor විසින් “youtube.com” වෙබ් අඩවිය එරට ජාතික වසම් නාම පද්ධතියෙන් (NDNS) ඉවත් කර ඇති අතර, මේ හේතුවෙන් VPN තාක්ෂණය භාවිත නොකර සෘජුව යූටියුබ් වෙත පිවිසීමට රුසියානු පරිශීලකයින්ට නොහැකි වී තිබේ. මීට අමතරව WhatsApp සහ Telegram වැනි ජනප්‍රිය සන්නිවේදන යෙදුම්වලට එරෙහිව ද රුසියානු රජය දැඩි පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඩී.ඩබ්ලිව් (DW) පුවත් සේවය පෙන්වා දෙන්නේ රුසියානු බලධාරීන් සිය පාලනයෙන් බැහැරව පවතින විද්‍යුත් වේදිකා මර්දනය කිරීම සඳහා මෙවැනි තාක්ෂණික බාධාවන් පනවන බවයි. රුසියාවේ නව “සෛවරී අන්තර්ජාල නීතිය” යටතේ හඳුන්වා දුන් මෙම NDNS පද්ධතිය හරහා ජාත්‍යන්තර වෙබ් අඩවි පාලනය කිරීමට රජයට මධ්‍යම බලයක් ලැබී ඇති අතර, ඒ හරහා බී.බී.සී, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි වෙබ් අඩවි 13 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් අවහිර කර ඇත.​පරිශීලකයින් පවසන පරිදි රුසියාව තුළ අන්තර්ජාල වේගය සැලකිය යුතු ලෙස අඩාල වී ඇති අතර, නොමිලේ ලබා දෙන VPN සේවාවන් පවා දැන් නිසි ලෙස ක්‍රියා නොකරන බව ඔවුහු මැසිවිලි නගති. රුසියානු බලධාරීන් විසින් වෙබ් අඩවිවල දත්ත සම්ප්‍රේෂණය හිතාමතාම ප්‍රමාද කිරීම (DPI තාක්ෂණය හරහා) නිසා යූටියුබ් වීඩියෝ නැරඹීම ඉතා අපහසු වී තිබේ. විශේෂඥයන් පවසන්නේ රුසියාව ක්‍රමයෙන් ගෝලීය අන්තර්ජාලයෙන් වෙන් වී, විශ්වාස කළ නොහැකි වෙනම අභ්‍යන්තර අන්තර්ජාල ජාලයක් දෙසට ගමන් කරමින් සිටින බවයි. මේ අතර, තහනම් වෙබ් අඩවිවලට පිවිසීමට උත්සාහ කරන්නන් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කර ඔවුන්ගේ මුරපද සහ බැංකු තොරතුරු සොරකම් කිරීමේ අවදානමක් පවතින බවට ද තාක්ෂණික විශේෂඥයෝ අනතුරු අඟවති.

What's your reaction?

Related Posts

1 of 633

Leave A Reply

Your email address will not be published. Required fields are marked *