රුසියාව හා යුක්රේනය සටන් විරාමයකට එකඟ වෙයි – ට්‍රම්ප්

රුසියාව හා යුක්රේනය සටන් විරාම සාකච්ඡා ආරම්භ කිරීමට එකග වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සමග පැය දෙකක් පුරා පැවති දුරකථන ඇමතුමකින් අනතුරුවයි.

ඉන් අනතුරුව අමෙරිකානු ජනපතිවරයා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට ඒ බව දැනුම් දී තිබේ.

එම ඇමතුමට යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ ප්‍රංශ, ඉතාලි, ජර්මනි සහ ෆින්ලන්ත නායකයින් ද සම්බන්ධ වී ඇති බවත් විදෙස් වාර්තා වල සදහන් වේ.

එහිදී යුක්රේන ජනපතිවරයා අමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ සටන් විරාම සාකච්ඡාවලින් ඉවත් නොවන ලෙසයි.

සාකච්ඡා සඳහා ඇමෙරිකානු සහ යුරෝපීය නියෝජිතයින් සම්බන්ධ කර ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

සටන් විරාම කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා කළ යුතු බවත් අමෙරිකානු ජනපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.
 

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *