රොහින්ගියා සරණාගතයන් ගැන කතා කරන්න රහුමාන් එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට

පහුගිය දෙසැම්බර් මාසයේදී සරණාගතීන් ලෙස මෙරට පැමිණි රොහින්යා සරණාගතයන් මෙරටින් පිටුවාල් කිරීමට තීරණය කර ඇති බව පවසමින් සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුචුබර් රහුමාන් මහතා එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත අද ලිපියක් බාර දුන්නා

ඔවුන් පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත් අපේ රටේ තිබෙන සම්මුතින් වලට අනුව එවැනි ජීවිත තර්ජනයක් තියෙන පිරිස් මේ රටින් පිටමන් කිරීමට හැකියාවක් නොමැති බවයි ඔවුන් කියා සිටියේ

ජනාධිපතිවරයා මේ පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු කළ යුතු අතර එතුමාගේ පක්ෂයේ බොහෝ පිරිස් කලබලකාරී වාතාවරණයන් තුළ පිටරටවල් බලා මෙසේ ගොස් ඇති බවයි ඔවුන් කියා සිටියේ

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *