රෝහල් රේඩියෝග්‍රැෆි ශිල්පීන් අද සංකේත වැඩවර්ජනයක: අක්කරපත්තුවේ විරෝධයත් දිගටම!

මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දිවයින පුරා සියලුම රෝහල්වල අද (ජනවාරි 21) පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිවේදනය කර ඇත. එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ බලධාරීන්ගේ නිහඬතාවය හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.​මේ අතර, අක්කරපත්තුව රෝහලේ වෛද්‍ය නිලධාරියෙකුට එරෙහිව ආරම්භ කළ වැඩවර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මක වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නැගෙනහිර පළාත් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ අද දිනට එම වැඩවර්ජනය අඛණ්ඩව පස්වන දිනටත් සිදුකරන බවයි.

What's your reaction?

Related Posts

1 of 977

Leave A Reply

Your email address will not be published. Required fields are marked *