රෝහලෙන් පලාගිය රෝගියා රිය අනතුරකින් මරුට

එන්නත් ලබාදීමට බියට පත් වූ රෝගියෙකු රෝහලෙන් පලා යමින් සිටියදී වාහනයක ගැටීමෙන් මියගොස් තිබෙනවා.

රෝගියා වවුනියාව මහ රෝහලෙන් පලා යමින් සිටියදී (30) වැනිදා මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

ඔහු එන්නත් විදීමට දැඩි බියකින් පසුවන පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

මේ තත්ත්වය නොදැන සිටි රෝහල් වාට්ටුවේ හෙදියන්ඔ හුට එන්නතක් ලබා දීමට සූදානම් වන විට ඔහු රෝහලෙන් පලා ගොස් තිබුණා.

මොහු නිවසට යාම සදහා රෝහලේ සිට පයින්ම ගොස් තිබෙනවා.

මේ අවස්ථාවේදී පාරේ ධාවනය කළ වාහනයක ගැටී ඔහු බිම ඇද වැටීමෙන් මරණයට පත්ව තිබෙන අතර අනතුර සිදු කළ වාහනය පලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

පලාගිය වාහනය අත්අඩංගුවට ගැනීම සදහා වවුනියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *