ආන්දෝලනාත්මක ජීප්රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටි එහෙත් සැගවී සිටි මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත බාරවී තිබෙනව.
ව්‍යාජ තොරතුරු ඇතුලත් ලියාපදිංචි කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලැබුණු තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් මීට මාස හතරකට පමණ පෙර පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
මතුගම නගරයේ වාහනය සංසරණය වන බවට තොරතුරක් ලැබීමෙන් පසු, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය ජූලි 19 වන දින දහවල් එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කර ජීප් රථය පැදවූ සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන වන අතර ඔහු ඇප මත මුදා හැර තිබේ.
ජීප් රථය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ එය නීති විරෝධී ලෙස රටට ආනයනය කර ව්‍යාජ තොරතුරු සහිතව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.