ලංකා සීනි සමාගමේ නුගේගොඩ අලෙවිසැල ගැන පැතිරෙන කටකතාවල ඇත්ත

නුගේගොඩ පිහිටි සිය සිල්ලර අලෙවිසැලේ මෙහෙයුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරමින් ලංකා සීනි පෞද්ගලික සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම සමාගම පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි 31 වන සෙනසුරාදා දින අදාළ අලෙවිසැල තාවකාලිකව වසා තැබීමට සිදු වූයේ එහි සේවය කරන අලෙවි නිලධාරියෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පමණක් බවයි. එමෙන්ම පෙබරවාරි 01 වන දින පෝය නිවාඩු දිනයක් බැවින් ආයතනය වසා තැබූ බවත්, මීට පරිබාහිරව පළවන සියලු වාර්තා පදනම් විරහිත සහ මහජනයා නොමග යවන සුළු අසත්‍ය තොරතුරු බවත් සමාගම අවධාරණය කරයි.​වර්තමානය වන විට නුගේගොඩ අලෙවිසැලේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන අතර, පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව ලබාගත හැකිය. මෙම අලෙවිසැල සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9:00 සිට ප.ව. 7:00 දක්වාත්, ඉරිදා දිනවල පෙ.ව. 9:00 සිට ප.ව. 2:00 දක්වාත් විවෘතව පවතී. මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරුවටී, නිල වශයෙන් නිකුත් කරන ප්‍රකාශ පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස ලංකා සීනි පෞද්ගලික සමාගම මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *