ලංගම ඩිපෝ ලාභ ගැන්වීමට කළමනාකරුවන්ට මාසයක් කල් දෙයි…

ලාභ ලබන හා ගුණාත්මක සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකරුවන්ට ලබන මස අවසානය තෙක් කල් දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, එසේ නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

මේ වනවිට ලංගම ඩිපෝ 107ක් ක්‍රියාත්මක වේ.

ඉන් ලාභ ලබන ඩිපෝ පවතින්නේ 60කට ආසන්න සංඛ්‍යාවක් පමණයි.

නව රජය බලයට පැමිණීමෙන් පසු ලංගම ඩිපෝ කළමනාකාර තනතුරු 20කට ආසන්න සංඛ්‍යාවකට පමණක් වෙනත් පුද්ගලයින් පත් කළ බව  නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ සෙසු සියලු පුද්ගලයින් පසුගිය ආණ්ඩු සමයේ පත්වීම් ලැබූවන් බවයි.

කෙසේ වෙතත් නව රජයේ ප්‍රතිපත්ති අනුව ලංගම ඩිපෝ මෙහෙයවීම සඳහා ඔවුන්ට මෙතෙක් කල් ලබා දුන් බව ද, නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 706

Leave A Reply

Your email address will not be published. Required fields are marked *