ලංගම බස් රථයක් ඉදිරියට ගසක් කඩා වැටෙයි

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ඉදිරියට විශාල මාර ගසක අත්තක් කඩා වැටිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගීන්ගේ ජිවිත බේරි ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පවසනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (23) පස්වරු 2.00ට පමණ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදීයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණ සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථය ඉදිරියට මාර ගසේ අතු කිහිපයක් කඩා වැටි තිබෙනවා.

අනතුරෙන් බස් රථයේ ඉදිරිපස කොටසට සුළු අලාභ හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන මාර්ගයට ගස කඩා වැටිම හේතුවෙන් හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයක පමණ කාලයක් ඇණ හිට ඇති බවද සඳහන්.

ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටි තිබු ගස කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පස්වරු 3.00ට පමණ යළි යථා තත්ත්වයට පත් කළා.

පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *