ලක්ෂ අසූවකට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් අත්අඩංගුවට..

නාවික හමුදා සහ සුරා බදු නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී වෙන්නප්පුව වෙල්ලමන්රෙඉ ධීවර වරායේ ගොඩබස්වා ලොරි රථයක ප්‍රවාහනය කරමින් තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා..

නවත්තන්ඩිය සුරා බදු අධිකාරී කාර්යාලයේ නිලධාරීන් සහ නාවික හමුදාව එක්වයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ.

මෙම බීඩි කොළ තොගය අද පස්වරුවේ රාජගිරිය සුරා බදු දෙපාර්තමේන්තුවට රැගෙන විත් නව සුරාබදු කොමසාරිස් U.D.N ජයවීර මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ කටයුතු සිදු කළා..

මේ සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම බීඩි කොළ තොගය වෙන්දේසි කිරීමට කටයුතු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 694

Leave A Reply

Your email address will not be published. Required fields are marked *