ලක්ෂ 10ක ශරීර ඇපයක් මත,හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලකට ඇප…

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත් පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා රුපියල් මිලියනයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළේ ය.

ඔහු අත්අඩංගුවට ගැණුනේ, දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සංවර්ධනය කර විකිණීම සඳහා තිබූ ඉඩම් කොටස්වලට නියමිත ක්‍රමවේදයන් අනුගමනය නොකර පිඹුරුපත් සකස් කර වංචා සහගතව විකුණා රජයට රුපියල් තුන් ලක්ෂ හැත්තෑ තුන්දාස් අටසිය හැටක මුදලක්  පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

සැකකරු ප්‍රකාශයක් ලබාදීමට සඳහා හතරවැනි වරට අල්ලස් කොමිසමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුවිය.

දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට ඇප ලබා දීමට නියම කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය දැක්වෙන වාර්තාව ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ ය.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *