අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් යටතේ 2026 ජනවාරි මාසය තුළ දිවයින පුරා සිටින මිලියන 4.4 කට අධික සිසුන් පිරිසකට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසුන් මෙන්ම, රජය අනුමත පිරිවෙන්වල ඉගෙනුම ලබන ස්වාමීන් වහන්සේලා සහ ගිහි සිසුන් ද මෙම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබති. මහජන චීන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාග කරන ලද නිල ඇඳුම් රෙදි මීටර් මිලියන 11.484 ක සම්පූර්ණ තොගය මේ වන විටත් වරාය වෙත ලැබී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාර ගැනීමේ උත්සවය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 13 වන දින පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව, ජනවාරි 19 වන දින සිට අදාළ රෙදි තොග ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාල වෙත බෙදා හැරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත. නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට පෙර සියලුම පාසල් සහ සිසුන් වෙත නිල ඇඳුම් ලබා දීම සහතික කිරීම රජයේ අරමුණයි.


























