රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වනදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49 හා 39 වයස් වල පසුවන සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පසුගිය 13 වන දින උදෑසන කාලයේ කිරුළපන පොලිස් වසමේ තුන්මෝදර හන්දිය අසලදී, ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර ඇත.
එම ත්‍රිරෝද රථයේ සිටි සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන කිරුළපන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර විමර්ශනයක් ආරම්භ කරන ලදී. එහිදී සැකකරුවන් සන්තකයේ තිබි රුපියල් 5,745,000/- ක මුදලක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ප්‍රදේශයේ ගෑස් වෙළෙඳ සැලක් පවත්වාගෙන යන අතර මොහු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින පුද්ගලයෙකු බවටද සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබේ.
මේ අතර අනෙක් සැකකරු මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ස එක් සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගත් මුදල් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ගන්නා ලද මුදල්ද එසේ නොමැති නම් එම වෙළෙඳසැල පවත්වාගෙන යාමෙන් උපයාගන්නා ලද මුදල්ද යන්න සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා කිරුළපන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.