ලතා වල්පොල පරපුරේ මියුරු හඬ නිහඬ වෙයි: අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අභාවය වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, ඇයගේ දේහය දෙසැම්බර් 28 වැනිදා පස්වරු 4:00 සිට දෙසැම්බර් 30 වැනිදා දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙනු ඇත. දෙසැම්බර් 31 වැනිදා පෙරවරු 9:00 සිට පස්වරු 3:00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දේහය තැන්පත් කර රාජ්‍ය ගෞරව දැක්වීමට නියමිත අතර, අනතුරුව ඇයගේ අවසන් කැමැත්ත පරිදි බොරැල්ල පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 916

Leave A Reply

Your email address will not be published. Required fields are marked *