ලබන සතියේ සිට ලුණු හිඟය අවසන්…. තොග රැස්කිරිමෙන් වළකින්නැයි, ඉල්ලීමක්…

රජය විසින්, ආනයනය කල ලුණු තොග අද පස්වරුව වන විට මෙරටට ළඟා වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික අංශය ආනයනය කළ ලුණු තොග ඊයේ(21) මෙරටට ලැබුණු බවයි.

ඒ අනුව එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලුණු මිලදී ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

එලෙස ආනයනය කරන ලුණු තොගය මෙට්‍රික් ටොන් 30000කි.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *