ලසන්ත ඝාතනයට වසර දාසයයි..
මගෙන් රටට සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධායනයට ලිපියක්..
ලසන්ත ඝාතනය පිළිබඳව මෙතෙක් සොයා බලා ඔහුගේ බිරිඳට සාධාරණයක් ඉටු කළේ නැතැයි මගෙන් රටට සංවිධානය පවසනවා..
එම සංවිධානයේ ලේකම් අනිස්කා රංජීවී මහත්මිය තවත් කිහිප දෙනෙකු සමග අද එක්සත් ජාතින්ගේ කාර්යාලයට පැමිණුනා..
එහිදී මෙම ඝාතනය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ලිපියක් බාර දුන්නා..
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වෙමින් ඇය පැවසුවේ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයන් පිළිබඳ මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැති බවයි..
ඔහුගේ පවුලේ ඥාතීන් විදෙස්ගතව සිටින බවත් මෙම ඝාතනයෙන් පසු එම පවුලේ අය ඉතා අවාසනාව තත්ත්වයකට පත් වී ඇතිබවයි මෙහිදී කියා සිටියේ..
වර්තමාන රජය හෝ මෙයට මැදිහත් වී ක්‍රියා කරනු විශ්වාස කරන බවද මෙහිදී පැවසුවා..
clean sri lanka යනුවෙන් සිදු කරන වැඩ අතර මෙයද සැලකිල්ලට ගෙන කටයුතු කර යුතු බවයි මෙහිදී කියා සිටියේ…