ලාඕසයට එරෙහි සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට…

ලාඕසයට එරෙහි සුහද පාපන්දු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.

මෙම තරගය ලාඕසයේ නව ජාතික පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

එහි ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තරගයේ 17 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ගෝලය රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ගෝල 1ට 0ක් ලෙසයි.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ගෝලය රැස් කළේ ය.

සත්කාරක ලාඕසය පළමු සහ එකම ගෝලය රැස් කළේ, තරගයේ නියමිත කාලය අවසානයේදී ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේදීයි.

ඒ අනුව ගෝල 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ය.

What's your reaction?

Related Posts

1 of 638

Leave A Reply

Your email address will not be published. Required fields are marked *