ලිංගික ආකර්ෂණය වැඩි වේ…ආදර සබඳතා තුළ පැරණි සිදුවීම්… ඔයාගේ ලග්නයට අද වෙන දේ මෙන්න.

මේෂ

අද ඔබට වෘත්තීය පරිසරය තුළ අලුත් වගකීම් සහ පිළිගැනීම් ලැබිය හැක. සැලසුම් සමඟ සිටින්න. නව ව්‍යාපාරික සම්බන්ධතා උදා වීමේ හැකියාවක් ඇත. පවුලේ සාමය තහවුරු කරගැනීමට ඔබගේ උපරිම කැපවීම අවශ්‍ය වනු ඇත. ආදර සබඳතා තුළදී ඔබේ හැඟීම් පැහැදිලිව ප්‍රකාශ කිරීම වැදගත් වේ.හිසේ වේදනාවක් ඇතිවිය හැකිය.

වෘෂභ

දේපළ සම්බන්ධ තීරණ ගැනීමේදී විශේෂ අවධානයක් අවශ්‍යය. පවුලේ විවාදයක් මතු විය හැකි බැවින් විවාද වලට නොයැම හොඳ ය. ආදර සබඳතා වලදී අවදානය යොමු කළ යුතුය. ඔබේ මිතුරන්ගෙන් ලැබෙන උපදෙස් වැදගත් වේ. රැකියා ස්ථානයේ ආරවුල් වලට ලක්වීමේ හැකියාවක් ඇත. මුදල් අහිමිවීම් වලට ලක් විය හැකිය. සෞඛ්‍යය පිළිබඳව අවදානය යොමු කරන්න.

මිථුන

නව අදහස් වලට අන් අයගෙන් පිළිගැනීම් ලැබෙයි.නිර්මාණශීලී ව්‍යාපෘති සාර්ථකත්වයට.දුරකථන ඇමතුම් හෝ විද්‍යුත් තැපැල් මඟින් වැදගත් පණිවිඩයක් ලැබිය හැක. ආදරයෙන් සන්සුන් වාතාවරණයක් ඇති වේ. පවුලේ කෙනෙකුට වාසනාවන්ත පුවතක් ලැබේ. අධ්‍යාපනික ප්‍රතිඵල මගින් මනසට සතුටක් ලැබෙයි.රැකියා ස්ථානයේ නව සම්බන්ධතා ඇති වේ. ඔබේ මතය හා තීරණ අගය කරනු ඇත.

කටක

නිවසේ වැඩ කටයුතු වලට යෝග්‍ය දිනයක්. පවුලේ අභ්‍යන්තර ගැටළු විසඳීමේ හැකියාවක් ඇති වේ. නව දේපළක් මිලදී ගැනීමේ සිතුම් පැතුම් මතුවිය හැක. ආදරය තුළ පැහැදිලි කිරීම් අවශ්‍ය වේ. ආයෝජන සඳහා සුදුසු නොවන දිනයක් විය හැක. කුඩා උත්සවයකට සහභාගි වීමේ හැකියාවක් ඇත. ජීවිතයේ පැරණි මතභේදාත්මක තත්වයක් නැවත මතු විය හැක. නිවසේ අලුත්වැඩියා කිරීමකට සුදුසු දිනයකී.

සිංහ

වෘත්තීය වශයෙන් වැදගත් පුද්ගලයෙකුගේ අවධානය ඔබ වෙත යොමු වේ. නව තනතුරක් හෝ වගකීම් පැවරවිය හැක. ආදරය තුළ විශ්වාසය වර්ධනය වේ. නව මිත්‍රත්වයක් මතු විය හැක. මුදල් සම්බන්ධව යහපත් පණිවිඩයක් ලැබේ. ලිංගික හා මානසික ආකර්ෂණය තරමක් වැඩි වේ. පවුලේ කෙනෙකුගේ ජයග්‍රහණයක් ඔබට සතුටක් ගෙන දේ. නව සමාජ සබඳතා වලට ආරාධනා ලැබිය හැක.

කන්‍යා

ඔබගේ සැලසුම් අදම ක්‍රියාත්මක විය හැක.වැඩ අධික වීමෙන් පීඩාකාරී බවක් දැනෙයි.ආදරය තුළ වැරදි අවබෝධතා ඇතිවිය හැක. මුදල් ගෙවීම් හෝ ණය පිළිබඳව අවධානයෙන් සිටින්න. පවුලේ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය පිළිබඳව අවදානය යොමු කරන්න. නව මිතුරෙකු හමුවිය හැක. විදේශ සම්බන්ධ ලියකියවිලි ඉටු කිරීමට හොඳ දිනයක්. නිහතමානී ලෙස කටයුතු කිරීමෙන් වාසනාව ලැබෙයි.

තුලා

ඔබේ ආකර්ෂණය වටා පිරිසක් එකතු වේ. සමාජ සබඳතා වැඩිවීම් සහ ආරාධනා ලැබේ. පෞද්ගලික ව්‍යාපෘතියක් සාර්ථකත්වයකට ලක් වේ. ඔබේ රුචිකත්වය සහ විලාසිතාව අන් අය අගය කරයි. මුදල් සම්බන්ධව නව විකල්පයක් හඳුනාගත හැක. වාහන හෝ තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සිදු විය හැක. නීතිමය කටයුතු සාර්ථක විය හැක. විදේශ ගමනක් සම්බන්ධව සැලසුම් කරමින් සිටින අය සඳහා අද ආරම්භයක් විය හැකිය.

වෘශ්චික

අද දිනයේ දී කාර්යබහුලතාවයක් පවතින්නට පුළුවන්. තීරණ ගන්නා විට විශ්ලේෂණාත්මකව සිතන්න. මුදල් ගනුදෙනු වලදී ආරක්ෂාවට විශේෂ අවධානයක් දෙන්න. පවුලේ අය සමඟ වචන පැවසීමේ දී අවදානය යොමු කරන්න. ආදර සබඳතා තුළ දී පැරණි සිදුවීම් නැවත මතු විය හැක. නීතිමය කටයුතු සාර්ථක විය හැක, නමුත් ප්‍රමාදවීම් ඇතිවේ. ඔබගේ රහස්භාවය හා ආරක්ෂාව ආරක්ෂා කරගන්න. සෞඛ්‍යය තුළ කුඩා ආබාධ මතු විය හැක.

ධනු

අද දිනය නව අරමුණු යොමු වීමට වටිනා දිනයකී.ඔබට අද සුබ පණිවිඩ ලැබිය හැක. ආදර සබඳතාවේ දී නව අවධියක් ආරම්භ විය හැක. විදේශ සම්බන්ධයෙන් ලැබෙන පණිවිඩය ඔබේ දිවියට නව හැරවුමක් වේ. මිතුරන් හා ගතකරන වේලාවෙන් සිත සන්සුන් වේ. ව්‍යාපාරික කටයුතු සඳහා අලුත් සහයෝගීත්වයක් ඇතිවිය හැක. සමාජ මාධ්‍ය හරහා නව සම්බන්ධතා වර්ධනය වේ.

මකර

මුදල් පිළිබඳව ස්ථාවර භාවයෙන් පවතී. ආදරය තුළ විශ්වාසය ගොඩනගන්නට ඔබට අවස්ථාවක් ලැබේ. පවුලේ ව්‍යාපාරික සාකච්ඡාවක් ජයග්‍රහණයක් වෙන්නට පුලුවන්. සෞඛ්‍යය තුළ අවධානයක් යොමු කරන්න.

කුම්භ

ඔබේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වේ.නව අදහස් අන් අය විසින් අගය කරයි. ආදරය තුළ අලුත් ආරම්භයක් හෝ පැරණි සබඳතාවයක් යළි සක්‍රීය විය හැක. කලාත්මක ව්‍යාපෘති සඳහා සුදුසු දිනයකි. සමාජ ජාල හරහා නව අය හමුවීමේ හැකියාවක් ඇත. පවුලේ කෙනෙකුගේ උත්සවයකට සහභාගී වීමට අවස්ථාවක් ඇත. මුදල් පිළිබඳව සුබ පණිවිඩයක් ලැබිය හැක. සෞඛ්‍යය තත්තවයේ දී සාමාන්‍ය තත්ත්වයෙන් පවතී.

මීන

මානසික වශයෙන් දුර්වලභාවයක් ඇති වේ.ඒ අතීත සිතිවිලි හේතුකොටගෙන. පවුලේ කෙනෙකුගේ ආදරය සහ සහයෝගය ඔබට ලැබෙයි. වෘත්තීයය තුළ නව අවස්ථාවක් ඇති විය හැක. මුදල් සම්බන්ධයෙන් තුළ සැලකිලිමත් විය යුතුය.ආදායම හොඳ නමුත් වියදම් පාලනය කරන්න.සෞඛ්‍යය තුළ දී නින්ද හා ආහාරයට වැදගත් වන පෝෂණය ලබාදෙන්න.

What's your reaction?

Related Posts

1 of 690

Leave A Reply

Your email address will not be published. Required fields are marked *