ලිංගික එක්වීම්…අලුත් ආරංචියක්…තරුණ තරුණියක් සැලකිලිමත් වන්න…

මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය වසරේදී අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස අතුරින් HIV ආසාදිතයින් 115 දෙනෙක් හඳුනා ගෙන ඇති බවයි, එහි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පැවසුවේ.

පසුගිය වසරේ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත HIV ආසාදිතයින් ගණන 824ක් බවටයි තහවුරු කර ඇත්තේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය දැනුම් දෙන්නේ, ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය වැඩි වෙමින් ඇති බැවින් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 623

Leave A Reply

Your email address will not be published. Required fields are marked *