නිට්ටඹුවේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ වෑන් රථයක් පොලිසිය විසින් ලුහුබැඳ ගොස් වෙඩි තබා තිබේ.
අද (01) අලුයම 1.15 ට පමණ වෙඩි තැබීම සිදු වූ අතර, පසුව වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ගම්පහ කොට්ඨාශ පොලිස් යතුරුපැදි ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් නිට්ටඹුව-කටුනායක මාර්ගයේ උදම්මිට හන්දියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටියහ.