2026 වර්ෂය සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට අවශ්‍ය ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) තොග සපයා ගැනීම පිණිස නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ තාක්ෂණික සහ මූල්‍ය ලංසු කැඳවීම සිදු කෙරිණි. මේ සඳහා ලංසුකරුවන් පස් දෙනෙකු සිය ලංසු ඉදිරිපත් කර තිබූ අතර, තාක්ෂණික ඇගයීම් ක්‍රියාවලියෙන් අනතුරුව ඉන් ලංසු දෙකක් පමණක් මූල්‍ය ඇගයීම සඳහා සුදුසුකම් ලැබීය. මේ පිළිබඳව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දී ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමින්, අවසන් තීරණයට එළඹීමට කටයුතු කර ඇත.ඒ අනුව, 2026 ජනවාරි මාසයේ සිට වසරක කාලයක් සඳහා අවශ්‍ය වන ද්‍රව පෙට්‍රෝලියම් වායු මෙට්‍රික් ටොන් 380,000ක් (සහ ඊට අමතරව සියයට 20ක ප්‍රමාණයක) ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත සපයා ගැනීමේ මෙම වැදගත් ප්‍රසම්පාදනය, Geo Gas Trading S.A. සමාගම වෙත ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. මෙම කොන්ත්‍රාත්තුව එම සමාගමට ප්‍රදානය කිරීම සඳහා වූ යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.


























